background img

The New Stuff

වෙසක් මාසෙ වෙසක් පොහොය ලබන්න ඉස්සර විකාශය වුන දොරමඩලාව වැඩසටහන අහන්න පුලුවන් වුනේ ඊයෙ දවසේයි. ඒ වැඩසහටනෙන් ගොඩක්ම හෙලි කලේ අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රදුන්ගේ විශ්වය ගැන තිබෙන දැනුමෙන් දේශනා කල ඒවා රහතුන් වවන්සේලාගේ කටින් කට ඇවිදින් ග්‍රන්ථාරූඩ වූ දැනුමෙන් සුලුම සුලු කොටසක්.

මේකට සහභාගී වුනේ මං කැමතිම කතිකයන් පිරිසක්. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගොඩක් පැහැදිලි ලෙස උත්තර දුන්නා, වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ මහත්මයා ත් ආචාර්‍ය ජයරත්න මහත්මයානම් ඉතිං ගොඩක් ප්‍රශ්න වලට කෙටි උත්තර දීමේ ගතියක් පෙන්නුම් කලා. (මේ වැඩසටහනේ විතරක්.)

මෙතනදි එක අසන්නෙක් ඇහුවා black hole කියල හදුන්වන්නේ අපාය ඇති ස්ථානයක්ද කියලා. ඒකට උත්තරයක් දෙන්න මේ විද්වත් මණ්ඩලයට අතපසු වුවාදෝ කියලා හිතුනා. අපාය කියල හදුන්වන තැන පියවි ඇසට ගෝචර නොවන තැනක් නිසා black hole අපට දුරේක්ෂ මගින් දැකගත හැකි යන කාරණාව නිසාත් සරළව මෙය අපායක් නොවන බව කිව හැකියි නේද? මේ මට හිතෙන විදිහයි. ඔයාලත් දන්නවානම් දන්න දේ ඔයාලගෙ අදහස් විදිහට කියන්න.

ඉතාම රසවත් හරවත් මේ සාකඡ්ඡාව ඔයාලටත් මග හැරුණානම් මෙන්න අහන්න.

ඉතින් පළවෙනි කොටසයි මේ,
ඉතුරු කොටස් මේ සබැදිය ඔස්සේ ගිහිල්ලා බලන්න,
https://www.youtube.com/results?search_query=doramadalawa+12+may+2014

මේ සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනාටත් මෙහෙයවූ සියලු දෙනාටත් මෙය අන්තර්ජාලයට එකතු කල සොයුරන්ටත් ගොඩාක් ස්තූතියි.

අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රදුන්ගේ විශ්මිත විශ්වය පිළිබද දැනුමෙන් ඉතාම අල්පයක් හෙලි කරන දොරමඩලාව සංවාදය

අයර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය සජීවීව - youtube වෙතින්.

මෙන්න ලිංකුව... කුසල් අවුට්.

http://www.youtube.com/watch?v=sUB5tBztQzg

කොමෙන්ටුවක් දාලාම බලන්න සහෝ.

හ්ම් මතක් වෙනකොටත් හරිම සතුටුයි. ඒ නිසා ඔන්න යූටියුබ දාලා මැච් එකම. හබැයි පළමු අහඹු කාරණාව වෙන්නෙ තරඟයේ පසු දර්ශන සැකසුමේ ලංකාව යැවූ අවසන් පන්දුවාර කිහිපයේ හොදම පන්දුවල සංකලණයක් නැති වීමයි. එය ඉන්දියාවේ පංදු පහරදීම් වැඩි ප්‍රමාණයක් ඇතුලත් පසු දර්ශනයක් වුනා.

දෙවනි කාරණාව තරඟය පුරා ඉන්දියානු විස්තර විචාරයකයන් වැඩියෙන් යොදවා තිබීම නිසා විස්තර විචාරයේ මධ්‍යස්ථ භාවය අඩුවීම.

ඒවා සුලු සුලු දේවල් කියලා අමතක කරමුකෝ.

අපි තරඟ කරපු අවසන් පූර්ව තරඟය වැටුනේ බටහිර ඉන්දීය කොදෙව් පිලත් එක්ක. බටහිර ඉන්දීය කොදෙව් පිල තමයි ශ්‍රී ලංකාවේ 2012 පැවති T20 අවසන් තරඟයේ දී ලංකාව පරදා ලෝක ශූරයන් වුනේ. ඉතින් ඒකෙ වාඩුව ගන්න අපි මැතිව්ස්ගේ උදව්වෙන් 160ක් ගහැව්වා. අවසන් පන්දුවාර 6ට 81ක් ඉතුරු කරලා තරඟයට හොද වැස්සක් වැස්සා. ලකුණු පුවරුව

ඒ මේ කාරණා නිසා එක එකා (ඉන්දියන් කාරයෝයි, බටහිර ඉන්දීය කොදෙව් කාරයෝයි තමා ගොඩක්ම) පංදුවට පහර දෙමින් සිටි ඩැරන් සාමි ඇතුලු පිරිසට මෙය ඉතා පහසු ජයක් බව 2012 ලෝක කුසලානය අවසාන තරඟය හා ඔවුන්ගේ 2014 ලෝක කුසලාන තරඟ වල අවසන් පංදුවාර 5 සංසන්දනය කරනමින් කියා සිටියා.

එහෙත් ඉංදියාව සමග පැවති අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව විසින් යැවූ අවසන් පංදුවාර කිහිපය මේකටත් පංදුවෙන් පිළිතුරු සැපයූවා. ඒ ‍තරඟාවලියේ හොදම නමක් දිනා සිටි අපරාජිත ඉන්දීය පිතිකරු බලඇණිය අවසන් පංදුවාර 4 ලකුණු 19 සීමා කරමින්.

ඒක හරියට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල 2007 තිබුනු ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව  අතර තරඟයට ආසන්න අත්දැකීමක් සිහි කරනවා. එහි දි ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලංකාවට ලකුණු 53ක පරාජයකුයි අත්වුනේ.

ඒකෙන් ලෝක ශූර ඕස්ට්‍රේලියාවේ ලෝක ශුර ගමනක අවසානය සනිටුහන් කරන්නත් ලංකාවට පුලුවන් වුනා. ලකුණු පුවරුව

ඉතින් එදා අපිට හරහට හිටිය වැස්ස මෙදා තරඟයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලටම හරහට හිටියා.

2007 ICC විසින් ලෝකයට අ‍ලුතෙන් හදුන්වාදුන් T20 ක්‍රිකට් සම්ප්‍රදාය ක්‍රිකට් ලොවේ උඩු යටිකුරු කරනවාත් සමඟම ඉන්දීය මහේන්ද්‍ර සිං‍ දෝනිගේ නායකත්වයෙන් ලෝකයේ පැවති පළමු T20 ‍ලෝක කුසලානය දිනාගනිමින් ඕස්ට්‍රේලියාවට අතහැරුණු ශූරත්ව ගමනක අාරම්භය සනිටුහන් කලා.

ඒ  ඒවනවිට ඉන්දියාව සතුව කලක පටන් තිබූ අවසන් මහා තරඟ අපලය අවසන් කරමින්. ඊට පසුව ඉන්දීය ප්‍රීමියර් ලීග් නොහොත් IPL T20 අදුන්වාදී ඉන්දියාව ක්‍රිකට් ලෝකයට විශාල මුදල් සම්භාරයක් වෙන් කරමින් නවක ක්‍රීඩකයන් බිහිකරමින් වසර 7ක් පමණ පුරාවට ඉන්දීය පිල  වැජඹෙන්නට පටන් ගත්තා.

මෙය ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝකයේ ශූරත්වයට තෙවැනි වන්නේ කෝටි 120කට වැඩි ඉන්දීය ජනගහනය බටහිර රටවල් හා පැතිරී තිබෙන ඉන්දියානුවන් පරාජය බාරගත නොහැකි ඔවුන්ම පමණක් ජයගත යුතු මානසිකත්වයෙන් පිරි පරාජයේදී තමන්ගේ ක්‍රීඩකයන්ට ගල් ගසා වාඩුව ගන්නා පිරිසක් නිසා හා ඔවුන්ට විනයක් නැතිව හැසිරෙන නිසාවෙනි. (cricinfo අඩවියේ අවිචාරවත් ගැරහුම් සහිත කමෙන්ටු.)

ඉතින් කොදෙව්, ඕස්ට්‍රේලියා අහඹුවෙන් පස්සේ ඉන්දියාව කරලියට එන්නේ 2011 ලංකාවට විරුද්ධව එක්දින ලෝක ශූරතාවය ඔවුන් ඩැහැගැනීමයි. ඒකේ නියමුවා වුන යුවරාජ් සිං 2014 ඉන්දියාවකම හතුරා වෙයි. තරඟයේ වාසනාව අවසානාව මත දෝලනය වුන කාසියේ වාසිය ඉන්දියාව වෙත හරහට සිටී.

සිතූ පරිදිම පන්දුවට පහරදෙන ඉන්දියාවේ මුල් පන්දුවාර 4 සහ අවසන් පන්දුවාර 4 (ළකුණු ලැබිය යුතුම) අඩුම ලකුණු සංඛ්‍යාවකට සීමා කාරීමටද ලසිත් මාලිංග ප්‍රමුඛ ලංකා පංදු යවන්නන් හට හැකිවේ.

මේ තරඟයේ විශේෂත්වය වන්නේ නායකත්වයට ලසිත් මාලිංග පත් කිරීමත් උපනායකත්වය නුවන් කුළසේකර ක්‍රීඩයන් හෙබවීමත්වේ.

පන්දුයවනන් දෙදෙනෙකුගේ නායකත්වයයෙන් හා උපනායකත්වයේ ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

ඉන්දියානු ඉනිමේ අවසන් පංදුවේදී ඉන්දියාවේ ලුකුණු මැෂිම හෙවත් කෝහ්ලි දවා ගැනීමට හැකිවීමෙන් ඉන්දියාව තව අඩියකින් පසුපසට තල්ලු කිරීමටත් ලංකා පිලට හැකි වීම විශේෂත්වයක්. ලකුණුු පුවරුව නායක හා ලෝක ශූරතා 3 ඉන්දියාවට ලබා දුන් ඉනිදීය නායක මහේද්‍ර සිං දෝනි, විරාට් කෝහ්ලි හා ලෝක කුසලාන තරඟවලි දෙකක තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාවූ යුවරාජ් සිං යන තිදෙනාටම අවසාන පංදුවාර 4 තුලදී ලබා ගත හැකි වූයේ ලකුණු 19 වීමද විශේෂත්වයක්.

ලංකාවට එරෙහි කොහෝලිගේ පංදු 57ක ඉනිමේම ස්ථාවරත්වයකින් හා වෙනදා පෙන්වන විශ්වාසනීයත්වයකින් පහරදීමට කොහ්ලිට නොහැකි වූවා.

කොහොමත් ඉන්දියාවේ දක්ෂ පිතිකරුවන් බොහෝමයක් සචින් ටෙන්ඩුල්කාර් පවා තරඟ දිනවන්නන් නොවන බවට සමහරු විශ්වාස කලා. සචින් වුවත් ලකුණු 100 ලබාගන්නා බොහෝ තරඟ පැරදෙන ඒවා බවට පෙරලෙන තත්වයක් තිබුනා. එසේම වර්තමාන සචින් ටෙන්ඩුල්කාර් ලෙස හදුන්වන විරාට් කොහ්ලිගේද එම තත්වය කියාපාමින් ඔහු ලබාගත් ලකුණු 78 ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගියා.

මේ තියෙන්නේ සම්පූර්ණ පසු දර්ශනයේ සබැදිය,
https://www.youtube.com/watch?v=1s4gAda8DnM

මේ ඉන්දියානු මාධය ලංකා ජයග්‍රහණය කොහ්ලිගේ නිවස ඉදිරිපිට සිට වාර්තාකල අයුරුයි.
https://www.youtube.com/watch?v=ExlRRyw5ihA

බලලා විනෝද වෙන්න හොදේ... මටත් කමෙන්ටුවක් දාලා යන්න හොදේ...

T20 ලෝක කුසලානය අවසන් තරගය තෙක් ලංකාව ආ ගමනේ අහඹු සිදුවීම් කිහිපයක්

අනෙ මන්දා අයිස් කැටයක් නොදැකපු අයද මේ? අයිස් කැටයක් වැටුනායි කියලා ඒක එන්ගලන්තයට යවන්නේ? මම හිතන්නෙ අවුරුද්දටම කිසිම ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න ඇති. ඒකයි ඔය.

හැබැයි හදිසියේ වැස්ස නිසා හදිසියේ ආපු නිසා අහසින් වැටෙනකොට තිබ්බෙ නැති ඒවානම් තියෙයි කියලා මට විශ්වාසයි.

එංගලන්තයේ මහාචාරියාටත් ඉතිං මේ දවස්වල වැඩ නැතුව ඇති.. මොකද හිතෙන්නෙ?
ඔන්න සබැදිය,

http://www.lankadeepa.lk/index.php/articles/228700

පුත්තලමේ අයිස් කැට ලන්ඩන් යවයි - ලංකාදීප

අනෙ මන්දා අයිස් කැටයක් නොදැකපු අයද මේ? අයිස් කැටයක් වැටුනායි කියලා ඒක එන්ගලන්තයට යවන්නේ? මම හිතන්නෙ අවුරුද්දටම කිසිම ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න ඇති. ඒකයි ඔය.

හැබැයි හදිසියේ වැස්ස නිසා හදිසියේ ආපු නිසා අහසින් වැටෙනකොට තිබ්බෙ නැති ඒවානම් තියෙයි කියලා මට විශ්වාසයි.

එංගලන්තයේ මහාචාරියාටත් ඉතිං මේ දවස්වල වැඩ නැතුව ඇති.. මොකද හිතෙන්නෙ?
ඔන්න සබැදිය,

http://www.lankadeepa.lk/index.php/articles/228700

සැලයාගෙ මුල්ම පෝස්ටුව !!!

2014 - 2015 විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට පෙළ තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්න. IMDB දත්ත බැංකුවේ තමයි ‍ලිස්ට් එක තියෙන්නෙ.

මගේ කැමති කියන චිත්‍රපට ගොන්නට ආසාවෙන්ම හිටපු අවුරුදු 14ක් බලන් ඉන්න වුන ජුරාසික් තේමාවේ චිත්‍රපටයත් එනවා. ඒ "ජුරාසික් ලෝකය" ලෙසයි. එන්න නියමිත 2015 ජූනි 12 දිනයයි.

මේ ලිස්ට් එකට තවත් නම් එකතු වෙයි ඒත් දැනට මම ආසා කරන අනිත් මාතෘකා‍ වෙන්නෙ "පිටසක්වලයි", පිටසක්වල ජීවීන්" ගැන චිත්‍රපටයි. ඒවා ගැන නං සුභ දායි තොරතුරක් තියෙන්නෙ. චිත්‍රපට කිහිපයක්ම ඒ මාතෘකා තේමා වලින් එන්න තමයි තියෙන්නෙ.
Dawn of the Planet of the Apes (2014)
Jupiter Ascending (2014)
Jurassic World (2015)
Ant-Man (2015)
Avatar 2 (2016)

ඔන්න ඔය ටික තමයි. මේවා ගොඩකගේ මුල් දර්ශන (Trailers) වත් තාම දාලා නැහැ. හැබැයි මොක උනත් බලන්නැතුව කියන්න බැහැ නෙව.

මොකද ගොඩක් චිත්‍රපට වල චිත්‍රපටය දර්ශනය වෙනතුරු සහ දර්ශන පටන්ගනනකම් IMDB දරශකයේ 8 ක් වැනි ඉහල ප්‍රේක්ෂක අගයක් තිබෙනවා. එහෙත් චිත්‍රපටය නැරඹා ලබා දෙන ඇගයීම අනුව ඒ අගය පසුව 4ක් දක්වා ඉතා පහල අගයක් වෙත යනවා. උදා After Earth චිත්‍රපටය.

ඉතින් ඔයාලත් දැන්ම ගිහින් බලන්න විද්‍යා ප්‍රබන්ධ ගො‍ඩේ ඔයාලගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුගත වෙලාද කියලා...

මෙන්න  2014 - 2015 විද්‍යා ප්‍රභන්ද චිත්‍රපට සබැදිය

එහෙනම් සැලයා ගියා. මෙන්න සැලියුට්...

2014 - 2015 විද්‍යා ප්‍රභන්ද චිත්‍රපට පෙළ ( ජුරාසික් ලෝකය නැවත පැමිණෙයි.)

SLT අන්තර්ජාල පාරිභෝගියන්ට සුභ ආරංචියක්... ඊයේ (ජනවාරි පළමුවනදා) සිට SLT පාරිභෝගියන්ගේ අන්තර්ජාල ද්ත්ත පැකේජ ධාරිතා නොමිලේම වැඩිවන බව SLT ආයතනය ප්‍රකාශ කර සිටියි.

වැඩි විස්තර සඳහා SLT අඩවියට පිවිසෙන්න.

ඊයේ සිට SLT අන්තර්ජාල ද්ත්ත පැකේජ ධාරිතා නොමිලේම වැඩිවේ...

SLT අන්තර්ජාල පාරිභෝගියන්ට සුභ ආරංචියක්... ඊයේ (ජනවාරි පළමුවනදා) සිට SLT පාරිභෝගියන්ගේ අන්තර්ජාල ද්ත්ත පැකේජ ධාරිතා නොමිලේම වැඩිවන බව SLT ආයතනය ප්‍රකාශ කර සිටියි.

වැඩි විස්තර සඳහා SLT අඩවියට පිවිසෙන්න.

ගොඩක් හොයල දාගත්තු නමක්... අරිසෙන් අහුබුදුවත් හිටියෙ නෑ නෙව නමක් අහගන්න. :D ටිකක කාලයක් හිටියා. සින්ඩි වලට ඇප්ලයි කොලා... බලමු ප්‍රතිචාරේ..

එහෙනම් ඔන්න හාපුරා කියලා සැළයා වඩේ පටන් ගන්න යන්නෙ. අත්දෙක උස්සලා අත්පොසන් නාදයක් දෙන්න.... මදී මදී.... කෝ... ආ.... ඔය ඇහෙන්නේ... හරි දැන් එහෙනම් පට්ටාන්... ගමු...

පියඹා යනවා මා ආකාසයේ...

Popular Posts

Pages

Powered by Blogger.