background img

The New Stuff

T20 ලෝක කුසලානය අවසන් තරගය තෙක් ලංකාව ආ ගමනේ අහඹු සිදුවීම් කිහිපයක්

හ්ම් මතක් වෙනකොටත් හරිම සතුටුයි. ඒ නිසා ඔන්න යූටියුබ දාලා මැච් එකම. හබැයි පළමු අහඹු කාරණාව වෙන්නෙ තරඟයේ පසු දර්ශන සැකසුමේ ලංකාව යැවූ අවසන් පන්දුවාර කිහිපයේ හොදම පන්දුවල සංකලණයක් නැති වීමයි. එය ඉන්දියාවේ පංදු පහරදීම් වැඩි ප්‍රමාණයක් ඇතුලත් පසු දර්ශනයක් වුනා.

දෙවනි කාරණාව තරඟය පුරා ඉන්දියානු විස්තර විචාරයකයන් වැඩියෙන් යොදවා තිබීම නිසා විස්තර විචාරයේ මධ්‍යස්ථ භාවය අඩුවීම.

ඒවා සුලු සුලු දේවල් කියලා අමතක කරමුකෝ.


අපි තරඟ කරපු අවසන් පූර්ව තරඟය වැටුනේ බටහිර ඉන්දීය කොදෙව් පිලත් එක්ක. බටහිර ඉන්දීය කොදෙව් පිල තමයි ශ්‍රී ලංකාවේ 2012 පැවති T20 අවසන් තරඟයේ දී ලංකාව පරදා ලෝක ශූරයන් වුනේ. ඉතින් ඒකෙ වාඩුව ගන්න අපි මැතිව්ස්ගේ උදව්වෙන් 160ක් ගහැව්වා. අවසන් පන්දුවාර 6ට 81ක් ඉතුරු කරලා තරඟයට හොද වැස්සක් වැස්සා. ලකුණු පුවරුව

ඒ මේ කාරණා නිසා එක එකා (ඉන්දියන් කාරයෝයි, බටහිර ඉන්දීය කොදෙව් කාරයෝයි තමා ගොඩක්ම) පංදුවට පහර දෙමින් සිටි ඩැරන් සාමි ඇතුලු පිරිසට මෙය ඉතා පහසු ජයක් බව 2012 ලෝක කුසලානය අවසාන තරඟය හා ඔවුන්ගේ 2014 ලෝක කුසලාන තරඟ වල අවසන් පංදුවාර 5 සංසන්දනය කරනමින් කියා සිටියා.

එහෙත් ඉංදියාව සමග පැවති අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව විසින් යැවූ අවසන් පංදුවාර කිහිපය මේකටත් පංදුවෙන් පිළිතුරු සැපයූවා. ඒ ‍තරඟාවලියේ හොදම නමක් දිනා සිටි අපරාජිත ඉන්දීය පිතිකරු බලඇණිය අවසන් පංදුවාර 4 ලකුණු 19 සීමා කරමින්.

ඒක හරියට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල 2007 තිබුනු ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව  අතර තරඟයට ආසන්න අත්දැකීමක් සිහි කරනවා. එහි දි ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලංකාවට ලකුණු 53ක පරාජයකුයි අත්වුනේ.

ඒකෙන් ලෝක ශූර ඕස්ට්‍රේලියාවේ ලෝක ශුර ගමනක අවසානය සනිටුහන් කරන්නත් ලංකාවට පුලුවන් වුනා. ලකුණු පුවරුව

ඉතින් එදා අපිට හරහට හිටිය වැස්ස මෙදා තරඟයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලටම හරහට හිටියා.

2007 ICC විසින් ලෝකයට අ‍ලුතෙන් හදුන්වාදුන් T20 ක්‍රිකට් සම්ප්‍රදාය ක්‍රිකට් ලොවේ උඩු යටිකුරු කරනවාත් සමඟම ඉන්දීය මහේන්ද්‍ර සිං‍ දෝනිගේ නායකත්වයෙන් ලෝකයේ පැවති පළමු T20 ‍ලෝක කුසලානය දිනාගනිමින් ඕස්ට්‍රේලියාවට අතහැරුණු ශූරත්ව ගමනක අාරම්භය සනිටුහන් කලා.

ඒ  ඒවනවිට ඉන්දියාව සතුව කලක පටන් තිබූ අවසන් මහා තරඟ අපලය අවසන් කරමින්. ඊට පසුව ඉන්දීය ප්‍රීමියර් ලීග් නොහොත් IPL T20 අදුන්වාදී ඉන්දියාව ක්‍රිකට් ලෝකයට විශාල මුදල් සම්භාරයක් වෙන් කරමින් නවක ක්‍රීඩකයන් බිහිකරමින් වසර 7ක් පමණ පුරාවට ඉන්දීය පිල  වැජඹෙන්නට පටන් ගත්තා.

මෙය ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝකයේ ශූරත්වයට තෙවැනි වන්නේ කෝටි 120කට වැඩි ඉන්දීය ජනගහනය බටහිර රටවල් හා පැතිරී තිබෙන ඉන්දියානුවන් පරාජය බාරගත නොහැකි ඔවුන්ම පමණක් ජයගත යුතු මානසිකත්වයෙන් පිරි පරාජයේදී තමන්ගේ ක්‍රීඩකයන්ට ගල් ගසා වාඩුව ගන්නා පිරිසක් නිසා හා ඔවුන්ට විනයක් නැතිව හැසිරෙන නිසාවෙනි. (cricinfo අඩවියේ අවිචාරවත් ගැරහුම් සහිත කමෙන්ටු.)

ඉතින් කොදෙව්, ඕස්ට්‍රේලියා අහඹුවෙන් පස්සේ ඉන්දියාව කරලියට එන්නේ 2011 ලංකාවට විරුද්ධව එක්දින ලෝක ශූරතාවය ඔවුන් ඩැහැගැනීමයි. ඒකේ නියමුවා වුන යුවරාජ් සිං 2014 ඉන්දියාවකම හතුරා වෙයි. තරඟයේ වාසනාව අවසානාව මත දෝලනය වුන කාසියේ වාසිය ඉන්දියාව වෙත හරහට සිටී.

සිතූ පරිදිම පන්දුවට පහරදෙන ඉන්දියාවේ මුල් පන්දුවාර 4 සහ අවසන් පන්දුවාර 4 (ළකුණු ලැබිය යුතුම) අඩුම ලකුණු සංඛ්‍යාවකට සීමා කාරීමටද ලසිත් මාලිංග ප්‍රමුඛ ලංකා පංදු යවන්නන් හට හැකිවේ.

මේ තරඟයේ විශේෂත්වය වන්නේ නායකත්වයට ලසිත් මාලිංග පත් කිරීමත් උපනායකත්වය නුවන් කුළසේකර ක්‍රීඩයන් හෙබවීමත්වේ.

පන්දුයවනන් දෙදෙනෙකුගේ නායකත්වයයෙන් හා උපනායකත්වයේ ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

ඉන්දියානු ඉනිමේ අවසන් පංදුවේදී ඉන්දියාවේ ලුකුණු මැෂිම හෙවත් කෝහ්ලි දවා ගැනීමට හැකිවීමෙන් ඉන්දියාව තව අඩියකින් පසුපසට තල්ලු කිරීමටත් ලංකා පිලට හැකි වීම විශේෂත්වයක්. ලකුණුු පුවරුව නායක හා ලෝක ශූරතා 3 ඉන්දියාවට ලබා දුන් ඉනිදීය නායක මහේද්‍ර සිං දෝනි, විරාට් කෝහ්ලි හා ලෝක කුසලාන තරඟවලි දෙකක තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාවූ යුවරාජ් සිං යන තිදෙනාටම අවසාන පංදුවාර 4 තුලදී ලබා ගත හැකි වූයේ ලකුණු 19 වීමද විශේෂත්වයක්.

ලංකාවට එරෙහි කොහෝලිගේ පංදු 57ක ඉනිමේම ස්ථාවරත්වයකින් හා වෙනදා පෙන්වන විශ්වාසනීයත්වයකින් පහරදීමට කොහ්ලිට නොහැකි වූවා.

කොහොමත් ඉන්දියාවේ දක්ෂ පිතිකරුවන් බොහෝමයක් සචින් ටෙන්ඩුල්කාර් පවා තරඟ දිනවන්නන් නොවන බවට සමහරු විශ්වාස කලා. සචින් වුවත් ලකුණු 100 ලබාගන්නා බොහෝ තරඟ පැරදෙන ඒවා බවට පෙරලෙන තත්වයක් තිබුනා. එසේම වර්තමාන සචින් ටෙන්ඩුල්කාර් ලෙස හදුන්වන විරාට් කොහ්ලිගේද එම තත්වය කියාපාමින් ඔහු ලබාගත් ලකුණු 78 ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගියා.

මේ තියෙන්නේ සම්පූර්ණ පසු දර්ශනයේ සබැදිය,
https://www.youtube.com/watch?v=1s4gAda8DnM

මේ ඉන්දියානු මාධය ලංකා ජයග්‍රහණය කොහ්ලිගේ නිවස ඉදිරිපිට සිට වාර්තාකල අයුරුයි.
https://www.youtube.com/watch?v=ExlRRyw5ihA

බලලා විනෝද වෙන්න හොදේ... මටත් කමෙන්ටුවක් දාලා යන්න හොදේ...

3 comments: Leave Your Comments

  1. සෙමි ෆයිනල් එකට වැස්සෙ නැතත් මම නං හිතන්නෙ අපි දිනන්න සෑහෙන්න ඉඩ තිබුන. ඔය කතාව තීව්‍ය වෙන්න තවත් හේතුවක් තමයි කලින් තරගයේදි ඕස්ට්‍රෙිලියාවට එරෙහිව සැමී ගහපු ගැහිල්ල. නමුත් දවස් දෙකකදි එකම දේ වෙයි කියල කාටද කියන්න පුළුවන්.

    ප.ලි- වෙරිෆිකේෂන් අයින් කලොත් කමෙන්ටු ලැබෙයි

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි රාජ්. ඔන්න අයින් කලා.
    මම හිතන්නෙ ඔයා කියන කොටසත් මම මෙහෙම දාලා තිබුනා... නවකයාගෙ වෙබ් අඩවියට ආවාට ගොඩක් ස්තූතියි.

    **එහෙත් ඉංදියාව සමග පැවති අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව විසින් යැවූ අවසන් පංදුවාර කිහිපය මේකටත් පංදුවෙන් පිළිතුරු සැපයූවා. ඒ ‍තරඟාවලියේ හොදම නමක් දිනා සිටි අපරාජිත ඉන්දීය පිතිකරු බලඇණිය අවසන් පංදුවාර 4 ලකුණු 19 සීමා කරමින්.**

    ReplyDelete
  3. ගේල් ට බැරි වුනා, ස්මිත්ට බැරි වුනා, යුවරාජ් සිං ට බැරි වුනා, මහේද්‍ර සිං දෝනිට බැරි වුනා නැවැත්විය නොහැකි විරාත් කොහ්ලිට බැරි වුනා, ගහපු එකම කෙනා එන්ගලන්තයේ ඇලෙක්ස් හේල්ස් (අමතක නොවෙන්නම ඒක වැදුනා)

    ReplyDelete

Popular Posts

Pages

Powered by Blogger.